| කල්ගතවූ උපත් ලියාපදිංචි කිරීම |
01. උපතක් සිදුවී මාස තුනක් ඇතුලතදී ලියාපදිංචි කර නොමැති විටෙක එවැනි උපතක් ලියාපදිංචි කරවා ගැනීමට පුලුවන. |
| |
02. අවශ්‍ය ප්‍රකාශ පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් අංශයෙන් ලබාගත හැක. |
| |
03. ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ හැකි අය, |
| |
I. උනන්දුවක් දක්වන ඕනෑම අයකු |
| |
II. මව්පියන්ගෙන් කෙනෙකු |
| |
04. ප්‍රකාශ පත්‍රයට අදාල ගෙවීම් මුදලින් කළ යුතුය. |
| |
I. ප්‍රකාශ පත්‍රය සඳහා ගාස්තුව රු. 50.00 කි. |
| |
05. උපත සිදුවී අවුරුද්දක් ඇතුලත ඉදිරිපත් කරන ප්‍රකාශ පත්‍ර සමඟ පහත සඳහන් ලියවිලි පමණක් ඉදිරිපත් කරන්න. |
| |
1. මව්පියන් විවාහක නම්, ඔවුන්ගේ විවාහ සහතිකය |
| |
2. විෂයගේ උපන් දිනය හා ස්ථානය සනාථ වන පහත සඳහන් ලියවිලි වලින් එකක්, |
| |
I. රෝහල් උපත් වාර්තාව හෝ සහතික පිටපත |
| |
II. ග්‍රාම නිළධාරී උපත් වාර්තාව හෝ සහතික පිටපත |
| |
III. වතු උපත් වාර්තාව හෝ සහතික පිටපත |
| |
IV. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියගේ සහතිකයක් |
| |
06. උපත සිදුවී අවුරුද්දක කාලය ගත වීමෙන් පසුව ඉදිරිපත් කරන ප්‍රකාශ පත්‍රය සමඟ පහත සඳහන් ලියවිලි පමණක් ඉදිරිපත් කරන්න. |
| |
I. මව්පියන් විවාහක නම්, ඔවුන්ගේ විවාහ සහතිකය, |
| |
II. උපත ලියාපදිංචිවී නොමැති බවට සහතිකය (හිස් ප්‍රතිඵලය) |
| |
III. පුද්ගලයාගේ උපන් දිනය හා ස්ථානය ඇතුළත් පහත සඳහන් ලියවිලි වලින් එකක්, |
| |
i. රෝහල් වාර්තාව හෝ සහතික පිටපත |
| |
ii. ග්‍රාම නිලධාරී වාර්තාව හෝ සහතික පිටපත |
| |
iii. වතු උපත් වාර්තාව හෝ සහතික පිටපත |
| |
iv. වින්නඹු මාතාවගේ උපත් ලේඛණයේ පිටපත |
| |
IV. ඉහත සඳහන් ලියවිල්ලක් නැතිනම්, ඒ වෙනුවට පහත සඳහන් ලියවිලි වලින් එකක්, |
| |
a. සෞඛ්‍ය වර්ධන සටහන |
| |
b. බෞතීස්ම සහතිකය, |
| |
c. පාසැලට ඇතුලත් කිරීමේ ලේඛණයේ සහතික පිටපත/ ශිෂ්‍ය කාර්ය දර්ශනය |
| |
d. වතු සුභසාධක නිලධාරිගේ වාර්ථාව |
| |
e. උපන් දිනට ආසන්නයේදී සකස් කරන ලද හඳහන හෝ වේලාපත්කඩය |
| |
V. මෙම ලියවිලි කිසිවක් ලබාගත නොහැකි නම්, දන්නා විස්තර ඇතුලත් කරන ලද ප්‍රකාශ පත්‍රයක් සහ දිවුරුම් ප්‍රකාශය |