- We are pleased to announce that our office has launched the facility to give your finger prints after you have applied for your passport online since 2023.06.15.
- මාර්ගස්ථ ක්රමය යටතේ විදේශ ගමන් බලපත්ර ලබා දීමේදී ඇඟිලි සලකුණ ලබාදීමේ පහසුකම අප ප්රාදේශීය ලේකම් කාර්යාලයට 2023 06.15 දින සිට ලබාදී ඇත. එම පහසුකම ඔබ හටද අප කාර්යාලය මගින් ලබා ගැනීමේ හැකියාව ඇති බව සතුටින් දන්වා සිටිමි.
- Currently this programme is undertaking at six pre schools and because of this programme more than 200 childern are benifited. Especially the under privilaged childen of the division.
-
පෙර පාසල් දරුවන්ට උදෑසන ආහාර වේල ලබාදීමේ වැඩසටහන - 2023 මෙම වැඩසටහන යටතේ කොට්ඨාශයේ පෙර පාසල් 6ක මේ වන විට ඉහත වැඩසටහන ක්‍රියාත්මක වන අතර අඩු ආදායම්ලාභී පවුල් වල ළමුන් මෙන්ම සමස්ත ළමුන් 200කට අධික පිරිසක් සඳහා මෙමගින් ආහාර ලබාදෙනු ලබයි.

- The awareness program for 65 pre-school teachers was held on 19.07.2023 at the New Auditorium of the Divisional Secretariat jointly implemented by the Ministry of Women and Child Affairs and the Health Promotion Bureau to promote the healthy life style among pre school children.
- කාන්තා හා ළමා කටයුතු අමාත්යාංශය හා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය එක්ව ක්‍රියාත්මක කරනු ලබන සෞඛ්‍ය ප්‍රවර්ධන පෙර පාසල් ස්ථාපිත කිරීමේ වැඩසටහන 2023.07.19 දින ප.ව.1.30 ට කාර්යාලීය නව ශ්රවණාගාරයේදී පැවැත්වේ.


- The programme of distribution of hygine items to 100 mothers was held on 2023.08.08 at the new auditorium jointly with the ministry of women and child affairs and the Unilever Sri lanka.
- කාන්තා හා ළමා කටයුතු අමාත්යාංශය හා යුනිලීවර් ශ්රී ලංකා ආයතනය එක්ව මව්වරුන් 100 ක් සඳහා ළදරු සනීපාරක්ෂක භාණ්ඩ බෙදාදීම 2023.08.08 දින කාර්යාලීය නව ශ්රවණාගාරයේදී පැවැත්වේ.
Pension Dates Schedule 2026
(විශ්‍රාම වැටුප් දින සටහන 2026)
| Month | Date |
| JANUARY | 09 FRI |
| FEBRUARY | 10 TUE |
| MARCH | 10 TUE |
| APRIL | 09 THU |
| MAY | 08 FRI |
| JUNE | 10 WED |
| JULY | 10 FRI |
| AUGUST | 10 MON |
| SEPTEMBER | 10 THU |
| OCTOMBER | 07 WED |
| NOVEMBER | 10 TUE |
| DECEMBER | 10 THU |
Kalutara District Covid Epidemic Survey
Please follow the below link and provide details for the Kalutara Distric Covid Epidemic Survey.
https://docs.google.com/forms/
සුභ අලුත් අවුරුද්දක් වේවා ! 2026
78 වන ජාතික නිදහස් දිනයට සමගාමීව පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංස්කෘතිික අංශය මගින් පවත්වනු ලැබූ නිදහසේ දැහැන රසවින්දන වඩසටහන 2026.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සහ පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන " පානදුර අභිමානී" සාහිත්‍ය උත්සවය 2025 ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ශ්‍රවනාගාරයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.


සෞඛ්‍යය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශය හා පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දේශීය වෛද්‍ය අංශය එක්ව සංවිධානය කරනු ලැබූ කළුතර දිස්ත්‍රික් දේශීය ආහාර හා ඖෂධ වෙළඳ ප්‍රදර්ශනය
සෞඛ්‍යය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශය හා පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දේශීය වෛද්‍ය අංශය එක්ව සංවිධානය කරනු ලැබූ කළුතර දිස්ත්‍රික් දේශීය ආහාර හා ඖෂධ වෙළඳ ප්‍රදර්ශනය 2024 පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විය.ඒ සඳහා වැඩම කරනු ලැබූ ගරුතර මහා සංඝරත්නයට මාගේ ගෞරව පූර්ව නමස්කාරය පුදකරමි.🙏
මෙම කටයුතු සාර්ථක කරගැනීම සඳහා සපැමිණි කළුතර දිස්ත්‍රික් ලේකම්,ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් ජී.එම්.ජනක කේ.ගුණවර්ධන මැතිතුමන්ට, සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) ඕ.වී.චන්දන තිලකරත්න මැතිතුමන්ට,අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.ත්‍රිමාන්න මැතිතුමන්ට , අධ්‍යක්ෂ(සංවර්ධන) පී.දයානන්දන් මැතිතුමන්ට,පානදුර ප්‍රාදේශීය ලේකම් කේ.ඒ.ජයදේවි පී.කොඩිතුවක්කු මැතිණියට,සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු සියලුම මාණ්ඩලික නිලධාරීන්ට, පානදුර කොට්ඨාශයේ ආයුර්වේද ප්‍රජා සෞඛ්‍යය වෛද්‍ය නිලධාරීන්ට,පානදුර ආයුර්වේද සංරක්ෂණ සභාවේ සභාපති ,ලේකම් ඇතුළු සියලුම වෛද්‍යවරුන්ට හා වෛද්‍ය ශිෂ්‍යයන්ට,කළුතර දිස්ත්‍රික්කය හා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පැමිණි සියලුම මාගේ සහෝදර දේශීය වෛද්‍ය සංවර්ධන නිලධාරීන්ට,ක්ෂේත්‍ර නිලධාරී අංශයේ සියලුම මාගේ සහෝදර නිලධාරීන්ට,ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරින් ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම කාර්ය මණ්ඩලයට, සමාරම්භක උත්සවයට අලංකාර පොල්තෙල් පහනක් ලබාදෙමින් සහයෝගය දැක්වූ ආයුර්වේද සංරක්ෂණ සභාවේ සාමාජික හර්ෂ ශ්‍රීරාජ් මහතාට හා නන් අයුරින් මෙම කර්තව්‍යයන් සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබාදුන් ඔබ සැමට මාගේ ගෞරවණීය ස්තුතියි කරමි .💐








බ/ප ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙයවිමෙන් හා පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අධික්ෂණය යටතේ පවත්වාගෙන යනු ලබන ග්‍රාමිය කාන්තා සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේ නවක සිසුන් බදචා ගැනිම හා නව පාඨමාලා ආරම්භය කලුදැවල නැගෙනහිර ග්‍රාම සංවර්ධන සමිති ශාලාවේදී 2024 සිදුකරන ලදි.
Please refer the below link to get the further details.

විවිධ ක්ෂේත්‍රවල නියැලෙන ඔබට වෘත්තීය පුහුණු පාඨමාලාවකින් තොරව NVQ සහතිකයක් ගන්න මෙන්න කදිම අවස්ථාවක්.....විවිධ ක්ෂේත්‍රවල නියැලෙන ඔබට වෘත්තීය පුහුණු පාඨමාලාවකින් තොරව NVQ සහතිකයක් ගන්න මෙන්න කදිම අවස්ථාවක්.....=================
කාලයක් තිස්සේ සිටම වයස අවුරුදු 50 තෙක් වයස් කාණ්ඩයම් වල වඩු, මේෂන්, ඉලෙක්ට්‍රිකල්, පේන්ටින්, ඩ්‍රාෆ්මන්, සුපවයිසර් වැඩ කරන අපේ ගමේ හන්දියේ කඩපොලේ සිටින නියම හැකියාව තියෙන ඔබට දැන් ඉතිං NVQ සහතිකයක් ගන්න හීන දකින්න ඕනි නෑ....
R.P.L ක්‍රමවේදය ඔස්සේ NVQ සහතිකය ලබා ගැනීමේ වැඩසටහනට ඔබත් එක්වන්න 2026/02/24 දින පෙ.ව 9.00 -11.30දක්වා පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ශ්‍රවනාගාරයේදී එම වැඩසටහනට පැවැත්වීමට සූදානම් කරලා තියෙන්නේ.
ඔයා දන්නවද NVQ සහතිකයක වටිනාකම.......
🛑මේක ජාත්‍යන්තරව පිළිගන්නා සහතිකයක් 🛑විදේශ රැකියාවක් කට යන ඔයාට 🛑රැකියාවේ උසස්වීමක් ගන්න හිතාගෙන ඉන්න ඔයාට
🛑ඒ වගේම දේශීය රැකියාවේ විධිමත්භාවයට ඉතාමත් වටින සහතිකයක්
🛑මේ සහතිකය මගින් බැංකු ලෝන් එකක් ගන්න හරි, ව්‍යාපාරය ලියාපදිංචි කරගන්න එක හරි ඔයාට ගොඩක්ම පහසුයි.
ඉතිං පුංචි වෙලාවක් කැප කරලාඔයාගේ රැකියා ක්ෂේත්‍රය ශක්තිමත් කරගන්න මේ වැඩසටහන සඳහා පානදුර කොට්ඨාසයේ ඔබ අදම ලියාපදිංචි වෙන්න-
ඒ සඳහා ඔයාට කරන්න තියෙන්නේ°°°°°°°
මෙන්න මේ පහල තියෙන ලින්ක් එකට ගිහින් ඔයාගෙ තොරතුරු ටික දීලා ලියාපදිංචි වෙන්න-----------------------------------------------------
ඊට පස්සේ ඔයාට NVQ සහතිකය ලබා ගන්න පුළුවන් විදිය අපි ඔයාලට කියලා දෙන්නම්----------
🌹ඒ විතරක් නෙමෙයි රජයේ මේ සඳහා සහන දෙන විවිධ ගෙවීම් ක්‍රම ගැනත් ඔයාලට තොරතුරු කියනවා ඉතින් මේ වටිනා අවස්ථාව මගහැර ගන්නැතුව අදම ඔයත් ලියාපදිංචි වෙන්නඒ වගේම 24 වෙනදට වෙලාවටම එන්න.
නිපුණතා සංවර්ධන නිලධාරී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -පානදුර 0716579384
- 22 per -school in the Panadura Division have been selected for the project of developing per-school faciliteis under the early childhood development project,implemented by the Ministry of Women and Child Development.
- Wash basins with stand and thermometers were distributed among those 22 per-school on 26-08-2020 at the Divisional Secretariat,with the intention of maintaining health and sanitary condition of children during the prevailing Covid -19 Situation.
Covid 19 හේතුව නිසා පෙර පාසල් සඳහා සනීපාරක්ෂක උපකරන ලබා දීම.
ගෝලිය ව්‍යවසනයක් ලෙස ලංකාවේ පැතිර යන Covid 19 තවදුරටත් ව්‍යප්ත වීම වැලැක්වීම සඳහා රජය ගනු ලබන ක්‍රියා මාර්ග සඳහා සියලු දෙනාගේ සහය ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
ඔබ ප්‍රෙද්ශයේ සැක සහිත කොරෝනා ආසාධිත පුද්ගලයන් සිටිනම් වසමේ ග්‍රාම නිලධාරී හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කරන ලෙසද දන්වමු.
- සෞඛ්‍යවෛද්‍ය නිලධාරී කාර්යාලය - 0382232278
- මහජන සෞඛ්‍ය පරීක්ෂක - 0702002966
මේ හේතුවෙන් මහජන අවශ්‍යතා සඳහා අප කාර්යාලයට පැමිණිම අවම කර , පහත සදහන් දුරකථන ඔස්සේ නිලධාරීන්ට ඇමතීමෙන් හා නිල වෙබි අඩවිය හා ඊ -මේල් ලිපිනයන් භාවිතා කිරීමෙන් එම රාජකාරී කටයුතු ඉටුකර ගැනීමට කාරුණික වන ලෙසද දන්වා සිටිමු.
- කාර්යාලීය දුරකථන -038-2232278
- Fax - 038-2246340
- Email இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.
- இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.
- இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.
divisional secretariat face book page
මීට අමතරව http://www.panadura.ds.gov.lk කාර්යාලීය වෙබ් අවියෙන් ග්‍රාම නිලධාරී දුරකථන අංක ලබා ගත හැත
பக்கம் 1 / 2




















