සුභ අලුත් අවුරුද්දක් වේවා ! 2026
78 වන ජාතික නිදහස් දිනයට සමගාමීව පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංස්කෘතිික අංශය මගින් පවත්වනු ලැබූ නිදහසේ දැහැන රසවින්දන වඩසටහන 2026.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සහ පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන " පානදුර අභිමානී" සාහිත්‍ය උත්සවය 2025 ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ශ්‍රවනාගාරයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.


සෞඛ්‍යය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශය හා පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දේශීය වෛද්‍ය අංශය එක්ව සංවිධානය කරනු ලැබූ කළුතර දිස්ත්‍රික් දේශීය ආහාර හා ඖෂධ වෙළඳ ප්‍රදර්ශනය
සෞඛ්‍යය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශය හා පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දේශීය වෛද්‍ය අංශය එක්ව සංවිධානය කරනු ලැබූ කළුතර දිස්ත්‍රික් දේශීය ආහාර හා ඖෂධ වෙළඳ ප්‍රදර්ශනය 2024 පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විය.ඒ සඳහා වැඩම කරනු ලැබූ ගරුතර මහා සංඝරත්නයට මාගේ ගෞරව පූර්ව නමස්කාරය පුදකරමි.🙏
මෙම කටයුතු සාර්ථක කරගැනීම සඳහා සපැමිණි කළුතර දිස්ත්‍රික් ලේකම්,ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් ජී.එම්.ජනක කේ.ගුණවර්ධන මැතිතුමන්ට, සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) ඕ.වී.චන්දන තිලකරත්න මැතිතුමන්ට,අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.ත්‍රිමාන්න මැතිතුමන්ට , අධ්‍යක්ෂ(සංවර්ධන) පී.දයානන්දන් මැතිතුමන්ට,පානදුර ප්‍රාදේශීය ලේකම් කේ.ඒ.ජයදේවි පී.කොඩිතුවක්කු මැතිණියට,සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු සියලුම මාණ්ඩලික නිලධාරීන්ට, පානදුර කොට්ඨාශයේ ආයුර්වේද ප්‍රජා සෞඛ්‍යය වෛද්‍ය නිලධාරීන්ට,පානදුර ආයුර්වේද සංරක්ෂණ සභාවේ සභාපති ,ලේකම් ඇතුළු සියලුම වෛද්‍යවරුන්ට හා වෛද්‍ය ශිෂ්‍යයන්ට,කළුතර දිස්ත්‍රික්කය හා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පැමිණි සියලුම මාගේ සහෝදර දේශීය වෛද්‍ය සංවර්ධන නිලධාරීන්ට,ක්ෂේත්‍ර නිලධාරී අංශයේ සියලුම මාගේ සහෝදර නිලධාරීන්ට,ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරින් ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම කාර්ය මණ්ඩලයට, සමාරම්භක උත්සවයට අලංකාර පොල්තෙල් පහනක් ලබාදෙමින් සහයෝගය දැක්වූ ආයුර්වේද සංරක්ෂණ සභාවේ සාමාජික හර්ෂ ශ්‍රීරාජ් මහතාට හා නන් අයුරින් මෙම කර්තව්‍යයන් සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබාදුන් ඔබ සැමට මාගේ ගෞරවණීය ස්තුතියි කරමි .💐








බ/ප ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙයවිමෙන් හා පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අධික්ෂණය යටතේ පවත්වාගෙන යනු ලබන ග්‍රාමිය කාන්තා සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේ නවක සිසුන් බදචා ගැනිම හා නව පාඨමාලා ආරම්භය කලුදැවල නැගෙනහිර ග්‍රාම සංවර්ධන සමිති ශාලාවේදී 2024 සිදුකරන ලදි.
ඒ සඳහා ග්‍රාම සංවර්ධන නිළධාරී නෙලුනි සෙනෙවිරත්න , මැහුම් උපදේශිකා කේ.ජී.වින්ද්‍යා මධුෂිකා ,689/බී කළුදෑවල නැගෙනහිර වසමේ ග්‍රාම නිළධාරී ඩබ්.එම්.ප්‍රාර්ථනා ප්‍රනාන්දු මහත්මිය හා ආර්ථික සංවර්ධන නිළධාරී එච්.නිසංසලා මධුමාලි සොයිසා මහත්මිය යන නිළධාරීන් සහභාගී විය.
|
|
|
![]() |
|



























