පොදු දුරකථන

 +94 385 677 007

 

g dumy new        

ඕ.පී.එන්. දීපිකා මිය
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්

 

 

ග්‍රාමීය රෙජිස්ට්‍රාර්වරුන්ගේ තොරතුරු

 

නම

රෙජිස්ට්‍රාර් කොට්ඨාශය

ලිපිනය

දුරකථන අංකය

01

කේ.ඩී. කෝකිලා මිය

පානදුර නගරය

(කේතුමතී රෝහල/පානදුර මූලික රෝහල) (වැ.බ.)

20, මැදවේල්ල පාර, නල්ලුරුව, පානදුර

038 – 2244907

071 - 6542610

02

කේ.ඩී. කෝකිලා මිය

වාද්දුව නගරය.(වැ.බ.)

 20, මැදවේල්ල පාර, නල්ලුරුව, පානදුර

038 – 2244907

071 - 6542610

03

යූ.ඩී. කාන්ති මිය

කළුතර හා පානදුර තොටමුණ

62බී, පිරිවෙන පාර, මොල්ලිගොඩ, වාද්දුව

038 -2296426

04

ලතා විතානගේ මිය

කළුතර හා පානදුර තොටමුණ

309/1, තන්තිරිමුල්ල, පානදුර

038 – 2230123

071 - 8193915

05

එස්.ඒ.ෂෙල්ටන් පෙරේරා මයා

කළුතර හා පානදුර තොටමුණ

46, සංසැප මාවත, කුරුප්පුමුල්ල, පානදුර

038 – 2235443

071 - 8015017

06

ශ්‍රී ජයන්තා දොළවත්ත මිය

කළුතර හා පානදුර තොටමුණ

87/45, ශාන්ත ආනා පටුමග, සරික්කමුල්ල, පානදුර

038 -3392938

07

මහීෂා කුමාරි පාදුක්ක මිය

කළුතර හා පානදුර තොටමුණ

13, ධම්මානන්ද මාවත, පානදුර

038 – 2233231

071 -2268696

08

ප්‍රියංගි මහේෂා පීරිස් මිය

කළුතර හා පානදුර තොටමුණ

නව සැනසුම,බී.ඒ. ප්‍රනාන්දු මාවත, ගොරකපොල

077 -3824312

09

එච්.එන්. කහවලගේ මිය

කළුතර හා පානදුර තොටමුණ

අංක 15, සුඅභද්‍රාරාම පාර, පරත්ත, කෙසෙල්වත්ත

038 – 2287373

076 - 8810879

10

පී.එම්. මාලනී මිය

කළුතර හා පානදුර තොටමුණ

8බී, ජය මාවත, වත්තල්පොල,  පල්ලියමුල්ල, පානදුර

076 -5580440

071 - 6323222

11

A.J.A. පුවාඩ් මයා

කළුතර හා පානදුර  තොටමුණ

හේනමුල්ල

10/4, හිජ්රා මාවත, දිග්ගල පාර. හේනමුල්ල, පානදුර

077 - 7331007

12

එම්.කිව්. ෆාරුක් මයා

කළුතර හා පානදුර  තොටමුණ

කෙසෙල්වත්ත

ආර්ඩන් ෆොරස්ට්

89/1,දිග්ගල පාර,හේනමුල්ල,කෙසෙල්වත්ත,

පානදුර

077 - 8074353

13

එම්.එම්.එම්. ඉමිතියාස් මයා

කළුතර හා පානදුර  තොටමුණ

වේරවත්ත

53, ඉබ්‍රාහිම් පාර, තොටවත්ත, පානදුර

072 - 1185244

14

ඒ.එල්.එම්. අස්වර් මයා

කළුතර හා පානදුර  තොටමුණ හේනමුල්ල

34, තොටුපල පාර, පල්ලිමුල්ල, පානදුර

077 – 2614897

038 - 2235231

 


වැඩි විස්තර සඳහා පහත මාතෘකා මත ක්ලික් කරන්න .........


ඉටුකරනු ලබන සේවාවන්

    • උප්පැන්න/විවාහ/මරණ සහතික නිකුත් කිරිම (1960 සිට 2016 වර්ෂය දක්වා දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක වල ලියාපදිංචි කරන ලද උපැන්න සහතික සහ පානදුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුළ ලියාපදිංචි කරන ලද සියළුම සහතික ලබාගත හැක.)
    • කල්ගිය උපත් ලියාපදිංචිය
    • නම් සංශෝධනය කිරීම
    • කල්ගිය මරණ ලියාපදිංචිය


  • මෙම කාර්යාලයේ 2021 වර්ෂය දක්වා

    • ලියාපදිංචි උපත් සංඛ්‍යාව - 3,73,987
    • ලියාපදිංචි විවාහ සංඛ්‍යාව - 1,02,022
    • ලියාපදිංචි මරණ සංඛ්‍යාව - 1,43,093
    • ලියාපදිංචි මුස්ලිම් විවාහ සංඛ්‍යාව - 1,11,999
  • කල්ගිය උපතක් ලියාපදිංචි කිරීම

    කල්ගිය උපතක් ලියාපදිංචි කිරීම සඳහා රු. 60/- ක් අයකරනු ලැබේ.

    දරුවා ඉපදී තුන්මසක් ඉකුත්වුවද උපත ලියාපදංචි කර නොමැති අවස්ථාවකදී,

    දරුවාට වයස අවුරුද්ද සම්පූර්ණ වීමට ප්‍රථම අතිරේක දිස්ත්‍රක් රෙජිස්ට්‍රාර් වෙත පහත ලියවිලි ඉදිරිපත් කිරීමෙන් උපත ලියාපදිංචි කර ගැනීමට හැකි වන අතර,

    වසරක් ඉකුත්වූ විට උපත ලියාපදංචියඅනුමත කිරීම සඳහා කළුතර ඉඩම් රෙජිස්ට්‍රාර් වෙත යැවිය යුතුය.

    පහත ලියවිලි වල මුල් පිටපත්(ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගත් සහතික)පමණක් ඉදිරිපත් කරන්න.

    1. පියාගේ උප්පැන්න සහතිකය

    2.මවගේ උප්පැන්න සහතිකය

    3. දෙමාපිය විවාහ සහතිකය

    5. අනෙක් දරුවන්ගේ උප්පැන්න සහතික

    6. උපත ලියාපදිංචි වි නොමැති බවට හිස් ප්‍රතිඵල වාර්ථාව

    7. උපත ලිවීමට ප්‍රමාදයට හේතු දක්වමින් ලිපියක්

    8. නම්වල වෙනසක් ඇත්නම් දිවුරුම් ප්‍රකාශය

    9. සෞඛ්‍ය වර්ධන සටහනෙහි පිටපතක්

    10. පරීක්ෂණයට දිනයක් ලබාදෙනු ඇත. එදිනට මව, පියා සහ දරුවා කාර්යාලයට පැමිණිය යුතුයි.

    උප්පැන්න සහතිකයක පියාගේ තීරුව/මවගේ තීරුව සංශෝධනය කිරීම

    පහත ලියවිලි වල මුල් පිටපත්(ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගත් සහතික)පමණක් ඉදිරිපත් කරන්න.

    1. සංශෝධනයට අදාල තැනැත්තාගේ ලේඛනාගාරයෙන් ලබා ගන්නා ලද උප්පැන්න සහතිකය

    2. පියාගේ උප්පැන්න සහතිකය

    3. මවගේ උප්පැන්න සහතිකය

    4. මවගේ/පියාගේ විවාහ සහතිකය

    5. අනෙක් දරුවන්ගේ උප්පැන්න සහතික

    6. ජාතික හැඳුනුම්පත් (මව/පියා) ඡායා පිටපත් සමග

    7. ප්‍රකශකරුගේ (භාරදෙන්නාගේ) පදිංචි සහතිකය

    8. නම්වල වෙනසක් ඇත්නම් දිවුරුම් ප්‍රකාශය

    9. සංශෝධනයේ අවශ්‍යතාවය මත වෙනත් ලියවිලිද ඉදිරිපත් කිරීමට සිදුවිය හැක.

    10. ෆයිල් කවරයක්.

    11. රු. 120/-

    2 වන තීරයේ නම සංශෝධනය කිරීම වයස අවුරුදු හතට අඩු

    පෝරමය පිරවීමට උපදෙස්

        1. මකන තීන්ත භාවිතා නොකරන්න.
        2. ඉල්ලුම්කරුගේ අත්සන යන ස්ථානයේ ප්‍රකාශකරුගේ අත්සන තබන්න.(ස්ථාන තුනක අත්සන තැබීමට ඇත)
        3. සංශෝධනය විය යුතු ආකාරයට නම වාසගම සහිත සැමවිටම සම්පුර්ණයෙන්ම ලියන්න.
        4. පැහැදිලිව හා නිවැරදි පෝරමය පුරවන්න.
        5. වැරදි සටහනක් සංශෝධනය කරනවිට තනි ඉරකින් කපා එයට ඉල්ලුම්කරුගේ කෙටි අත්සන තබන්න.
        6. සාමදාන විනිශ්චයකාරවරයෙකු ලවා අත්සන් කරවාගෙන නිලමුද්‍රාව පෝරමයෙහි නිසිපරිදි තබන්න.

    පහත ලියකියවිලි වල මුල්පිටපතක් පමණක් ඉදිරිපත් කරන්න.

        1. අදාළ උප්පැන්නයේ කාර්යාලයෙන් ලබාගත් දම් පැහැති නිලමුද්‍රාව යෙදු පිටපතක්.
        2. අදාළ සංශෝධනයට කැමැත්ත ප්‍රකාශ කරමින් පියාගෙන්/මවගෙන් (ඉල්ලුම්කරු නොවන අයගේ) ලිපියක්.
        3. නම් දෙකෙන්ම හැදින්වෙන දෙදෙනෙකු නොවන බවට පියාගෙන්/මවගෙන් ලබාගත් දිවුරුම් ප්‍රකාශයක්(රු.50/- ක මුද්දරයක් මත අත්සන් කර සාමදාන විනිශ්චයකාරවරයෙක් ලවා සහතික කරවා ගත යුතුයි.)
        4. ප්‍රකාශකරුගේ  පදිංචිය සනාථ කිරීමට ග්‍රාම නිලධාරි විසින් නිකුත් කරන පදිංචි සහතිකය(ඔබ පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් පිටත පදිංචි නම් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අනු අත්සන් කරගත යුතුයි.)
        5. ඉල්ලීම් නම වෙනස් කිරීමේ අවශ්‍යතාවය සඳහන් ඉල්ලීම් ලිපිය.

    පහත ලියවිලිවල මුල් පිටපත් හා ඡායා පිටපත බැගින් ඉදිරිපත් කරන්න.

        1. දෙමාපිය ජාතික හැදුනුම්පත.
        2. දෙමාපියන්ගේ විවාහ සහතිකය.
        3. දෙමාපිය උප්පැන්න සහතික.

    2 වන තීරයේ නම සංශෝධනය වයස අවුරුදු 21 ට වැඩි

    පෝරමය පිරවීමට උපදෙස්

        1. මැකෙන තීන්ත භාවිතයෙන් වලකින්න.
        2. සැමවිටම නම ලිවීමේදි වාසගම සහිතව සම්පුර්ණයෙන්ම ලියන්න.
        3. පැහැදිලි හා නිවැරදි අයුරින් පෝරමය පුරවන්න.
        4. වැරදි සටහනක් සංශෝධනය කරන විට තනි ඉරකින් කපා එයට ඉදිරියෙන් ඉල්ලුම්කරුගේ කෙටිඅත්සන තබන්න.
        5. ඉල්ලුම්කරු ලෙස සැමවිටම ඉදිරිපත් වන අය අත්සන් කලයුතුය.
        6. සමාදාන විනිශ්චයකරවරයෙකු ලවා ඉල්ලුම්කරුගේ අත්සන නම වෙනස් කිරීමට අදාල ප්‍රකාශ පත්‍රයේ (ලි.ප.බී 10) සහ දිව්රුම් ප්‍රකාශයේ සහතික කරවා ගන්න. ඔහුගේ නිලමුද්‍රාව තබා ඇත්දැයි බලන්න.(ඉල්ලුම්කරු කළුතර දිස්ත්‍රික්කයෙන් පිටත පදිංචි කරුවෙකු නම් මුළු දිවයිනටම බලයලත් සමාදාන විනිශ්චයකරුවෙකු විය යුතුය.)
        7. ඉදිරිපත් කරනු ලබන සාක්ෂි, ඉල්ලා සිටින නම සමඟ නිවැරදිව තහවුරු විය යුතුය.

    පහත ලියකියවිලි වල මුල් පිටපත් පමණක් ඉදිරිපත් කරන්න

        1. අදාළ උප්පැන්නයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගත් දම් පැහැති නිලමුද්‍රාව යෙදු පිටපත.
        2. නම් දෙකෙන්ම හැදින්වනු ලබන්නේ දෙදෙනෙකු නොව එක් අයෙකු බවට දිවුරුම් ප්‍රකාශය (රු.50/- ක මුද්දරයක් මත අත්සන තබන්න.)
        3. ඉල්ලුම්කරු විසින් පල කරන ලද පුවත් පත් දැන්වීම සම්පූර්ණ පිටුව සමගම ඉදිරිපත් කරන්න(වාසගම හෝ නම වෙනස් කිරීමට නම් දැන්වීම පල කර අවුරුදු එකක් විය යුතුය.)
        4. ඉල්ලුම්කරුගේ පදිංචි සහතිකය සහ නම සංශෝධනය පිළිබඳ අදාල ග්‍රාම නිලධාරී නිර්දේශය.( අදාල ප්‍රා‍දේශීය ලේකම් කාර්යාලයෙන් අනු අත්සන් කරගත යුතුය.
        5. ඉල්ලුම්කරුගේ ජාතික හැදුනුම් පත, ඡායා පිටපතක් සමඟ ඉදිරිපත් කරන්න. (ජා.හැ.පත නොමැති නම් මෑතකදී ගත් ඡායා රූපයක් පිටුපස ග්‍රාම නිලධාරී වෙතින් අනන්‍යතාව තහවුරු කර ඉදිරිපත් කළ යුතුය.)
        6. නම වෙනස් කිරීමට ඇති අවශ්‍යතාවය සඳහන් කරමින් ඉල්ලීම් ලිපිය
        7. රැකියාවක නිරතවන්නෙකු නම් නම වෙනස් කිරීම පිළිබඳ සේවාස්ථානය දැනුවත් කල බවට ලිපියක්.
        8. විවාහකයෙකු නම් ඉල්ලුම්කරුගේ විවාහ සහතිකය.

    සංශෝධනය කරනු ලබන නමට සාක්ෂි වශයෙන් පහත ලියකියවිලි වල මුල් පිටපත හා ඡායා පිටපත බැගින් ඉදිරිපත් කරන්න.

        1. දරුවන්ගේ උප්පැන්න.
        2. ඡන්දහිමි නාම ලේඛනයේ පිටපතක්.
        3. රියදුරු බලපත්‍රය.
        4. විදේශ ගමන් බලපත්‍රය.
        5. ඉල්ලුම්කරුගේ බැංකු ගිණුමකට අදාල පාස් පොත.- (බැංකුවේ නම, පුද්ගලයාගේ නම, ගිණුම පටන් ගත් දිනය, අවසාන වරට ගනු දෙනු කල දිනය සටහන් වනසේ ඡායා පිටපත් කර තිබිය යුතුය.)
        6. පත් වීම් ලිපි.
        7. පැසැල හැර යාමේ සහතිකය.
        8. පැසැලට ඇතුලත් වීමේ ලේඛනයේ සහතික පිටපතක්.
        9. ඉල්ලුම්කරුගේ ඉඩම් ඔප්පු, පත් ඉරු.
        10. විශ්‍රාම ගැන්වීමේ ලිපි.අවම වශයෙන් ඉහත ලියවිලි 5 ක් වත් මුල් පිටපත් සමග ඡායා පිටපත් රැගෙන එන්න.


                                

       

    Scroll To Top