පනත -2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත
නියෝග - 2017 පෙබරවාරි 03 දින අංක 2004/66 දරණ අති විශේෂ ගැසට් පත්‍රය
පොදු අධිකාරීය - ස්වදේශ කටයුතු අමාත්‍යංශය හා අනුබද්ධ ආයතනය
ඉහත පනත යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා පනතේ සඳහන් තොරතුරු නිලධාරීයා වෙත RTII දරණ අයදුම්පත්‍රය මඟින් අයඳුම් කළ හැකිය.මෙම අයදුම්පත්‍රය ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
ඉහත සඳහන් පනත යටතේ පානදුර කොට්ඨාසයට අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා පනතේ සඳහන් තොරතුරු නිලධාරීයා වෙත RTII දරණ අයදුම්පත්‍රය මඟින් අයදුම් කළ හැකිය. මෙම අයදුම්පත්‍රය ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවේ.
- තොරතුරු ලබා ගැනීමට ලිඛිත RTI 1 අයදුම්පත්‍රෙය් හෝ ලිපියක් වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරීයා වෙත ඉදිරිපත් කර , එය ලැබුණු බවට ලිපියක් ලබා ගන්න.
- ඔබේ ඉල්ලීමට අදාළ තොරතුරු සැපයීය හැකිද යන්න පිළිබඳව හැකි ඉක්මණින් , හෝ කෙසේ වුවද දින 14 ක් ඇතුළත දන්වා එවනු ලැබේ.
- ඉල්ලා සිටින ලද තොරතුරු ඔබට ලබා දීමට තීරණය කළහොත් ඒ සඳහා කොමිෂන් සභාව විසින් නියම කරන ලද ගාස්තුවක් ගෙවිය යුතු නම් , ඒ පිළිබඳ දන්වා එවනු ඇත.තොරතුරු ලබා ගැනීම සඳහා ගෙවීමක් කල යුතු නම් ඒ ගාස්තුව ගෙවීම මත හෝ ගාස්තු ගෙවිය යුතු නොවේ නම් ගාසුතු රහිතව ඔබට දින 14 ක් තුල තොරතුරු ලබාදෙනු ඇත.
- ගාස්තු ගෙවීමෙන් පසු දින 14 ක් තුළ තොරතුරු ලබාදීම අපහසු නම්, තොරතුරු නිලධාරීයා විසින් එකී කාලය දිර්ඝ කිරීමට අවශ්‍ය හේතු සඳහන් කරමින් දින 21 කට නොවැඩි අතිරේක කාල සීමාවක් තුළ ඔබ ඉල්ලා සිටින ලද තොරතුරු ඔබ වෙත ලබා දෙනු ඇත.
- තොරතුරු ලබා ගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට අදාලව ,
- තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම් ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරිම.
- පනතේ 5 වැනි වගන්තිය යටතේ ප්රදානය කිරීමක් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීම සඳහා අවස්ථාව ලබා දීම ප්‍රතික්ෂේප කිරීම
- පනත මඟින් නිචිතවම දක්වා ඇති කාල සීමාන්ට අනූකූල නොවීම
- සම්පූර්ණ නොවූ , නොමඟ යවන හෝ සාවද්‍ය තොරතුරු ප්රදානය කිරීම
- වැඩිපුර ගාස්තු අය කිරීම
- ඉල්ලා සිටිනු ලබන ආකෘත්රිෙයන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරීයා ප්‍රතික්ෂේප කිරීම
- එම7 තොරතුරු වෙත එම පුරුවැසියා ප්‍රෙව්ශවීම වැළැක්වීමට සඳහා එම තොරතුරු විකෘති කර, විනාශ කර හෝ අස්ථානගත කර ඇති බවට තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවැතීමමත අතෘප්තියට පත්වන්නේ නම් , පහත නම් සඳහන් කළ නිලධාරීයා වෙත දින 14 ක් තුළ අභියාචනයක් ඉදිරිපත් කරන්න
කොමිෂන් සභාව වෙත අභියාචනා ඉදිරිපත් කිරීම
- නම් කළ නිලධාරියාගේ තීරණය හේතුවෙන් පීඩාවට පත්වීම මත හෝ පනතෙන් නිම කරනු ලබන කාලසීමාව තුළ එකි නිලධාරීයාගෙන් තිරණයක් ලබා ගැනීමට අසමත්වීම මත ඕනැම අභියාචකයෙකුට කොමිෂන් සභාව වෙත මෙකී රිති වල දැක්වෙන සම්පල පෝරමයෙන් ඉල්ලා සිටින තොරතුරු ලබාදීම මඟින් කොමිෂන් සභාව වෙත අභියාචනා කළ හැකිය.
- අභියාචනාය කොමිඹන් සභා කාර්යාලයේ ගොනු කළ යුතු අතර , පුද්ගලිකව හෝ ලියාපදිංචි තැපෑල මඟින් ලබාදීය හැකිය.
- අභියාචනයක් සාමාන්‍ය වශයෙන් සලකා බැලීම සඳහා මාස 02 ක් ඇතුළත ඉදිරිපත් කළ යුතුය.
- එබඳු අභියාචනයක් , සත්‍ය පිටපත් බවට තමන් විසින්ම සහතික කළ පහත සඳහන් ලියකියවිලි සමඟ ඉදිරිපත් කල යුතුය.
- පනතේ 24 වන වගන්තිය යටතේ සිදුකළ ඉල්ලිමේ පිටතක්
- තොරතුරු නිලධාරීයාගෙන් යම් පිළිතුරක් ලැබුවේ නම් එම පිළිතුරේ පිටපතක්
- පනතේ 31 වගන්තිය යටතේ නම් කළ නිලධාරියා වෙත සිඳුකළ අබියාචනයේ පිටපතක්.
- නම් කළ නිලධාරීයාගෙන් යම් පිළිතුරක් ලැබුවේ නම් එම පිළිතුරේ පිටපතක්
- අභියාචක විසින් සුදුසු යැයි හැගෙන , ඔහුගේ හෝ ඇයගේ අභියාචනයට අදාළව ඉදිරිපත් කළ සෙසු ලියකියවිලි වල පිටපත් ඒවායේ සුචියක් සමඟ.
- අභියාචනයක් අබියාචනාවක විසින් පිටපත් දෙකකින් යුතුව යොමුකළ යුතය.
- රිති (1-5) මඟින් දක්වා ඇති කොන්දේසි තෘප්ත නොකරන්නේ නම් කොමිෂන් සභාව විසින් අභියාචනයක් සාමාන්‍ය වශයෙන් නොපිලි ගනු ඇත.